තරුණ සමාජවාදීන්ගේ පාගමනට කල ප්‍රහාරය හෙලා දකිනවා – ලෝක ප්‍රජාතන්ත්‍රවාදි තරුණ සංගමය


 lankahotnews.org
තරුණයින්ගේ විරැකියා ප්‍රශ්නයට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අයවැයෙහි සහන නොමැති බව පවසමින් තරුණ සමාජවාදි සංගමය පැවැත්වූ පාගමනට අමානුෂික ලෙස පහරදීම ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය හෙලා දකියි. මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇත.  http://www.wfdy.org/

ලෝක ධනවාදයේ අර්බුදයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ලෝකවාසී ජනතාවට මිස ධනපති පංතියට නොවේ.
වර්තමානයේ ලෝකය පුරා ධනවාදී ආණ්ඩු විසින් ඉදිරිපත් කරන අයවැය ප්‍රකාශන දෙස අවධානය යොමු කිරීමේදී මේ බව වඩා තහවුරු වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් නොවැ. 21 දින ඉදිරිපත් කරන ලද 2012 අයවැයද එම තත්වයන් වඩා තහවුරු කරමින් තිබේ. එම අයවැය මගින් ලංකාවේ තරුණයින්ට සහ වැඩකරන ජනතාවට ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රධාන ප්‍රශ්නයක් වන තරුණයින්ගේ රැකියා ප්‍රශ්නය සම්පූර්ණයෙන් අමතක කර දමා තිබේ.
එම තත්වයන්ට විරෝධය පලකරමින් අප සංවිධානයේද සාමාජිකත්වය දරන සමාජවාදී තරුණ සංගමය විසින් මුදල් අමාත්‍යාංශය දක්වා ගිය විරෝධතා පාගමනට ශ්‍රී ලංකා පොලිසිය විසින් කෘර ලෙස පහරදී තිබෙන අතර ඉන් තරුණයින් 15 අධික ප්‍රමාණයක් තුවාල ලබා තිබේ. කෙසේ වෙතත් එම විරෝධතා ව්‍යාපාරය අති සාර්ථක වූ බවද අප සංවිධානයට වාර්තා වේ.
කෙසේ වෙතත් මෙය එක් උදාහරණයක් පමණක් වන අතර ලෝකය පුරා සියලූ රටවල ජනතා අරගල මර්ධනය කිරීම සඳහා ලෝක ධනවාදය නොයෙක් ක්‍රියාමාර්ග තෝරමින් සිටී. මේ අවස්ථාව අප සහෝදර සමාජවාදී තරුණ සංගමයේ අරගලය සඳහා සුභපැතීමට යොදා ගන්නා අතර ඔහුන්ගේ සියළු අරගලයන් හා එකපෙළට සිට ගන්නා බවද ප්‍රකාශ කර සිටිමු. මෙම සියළු අරගලයන් ලෝකවාසී ජනතාවගේ අයීතීන් වෙනුවෙන් සිදුකරන අතර සියළු මර්ධනයන් හමුවේ නොසැලී එම තත්වයන්ට මුහුණ දීමට අප සංවිධානය සූදානමින් සිටින බව ද වැඩිදුරටත් අවධාරණය කරමු.

රජරට වෛද්‍ය පිඨ අර්බුදයට විසදුම ශිෂ්‍ය සංගමය තහනම් කිරීමද?


 lankahotnews.org
පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රජරට වෛද්‍ය පීඨ සිසුන්ගේ පන්ති තහනම් කිරීම සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය තහනම් කිරීම
බරපතල ගැටලුවක් බවයි.
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සායනික පුහුණුව 2011 මැයි මස 9 වෙනි දින ආරම්භ කිරීමට නියමිතව තිබුනත්. එයට අවශ්‍ය මහාචාර්ය ඒකකය( විශේෂඥ වෛද්‍යවරු හා මහාචාර්ය ‍වෛද්‍යවරු සිටින රෝහලක්) තවමත් කිසිදු ඉදිකරීම් කටයුත්තක් සිදු නොකර බිත්ති වලට පමණක් සීමා වී තිබුණි. මේ වන විට රාගම, කරාපිටිය හා කොළඹ යන වෛද්‍ය  පීඨවල සිසුන් සායනික පුහුණුව ආරම්භ කර තිබුණත්  මෙම මහාචාර්ය ඒකකය නොමැති වීම නිසා තම සායනික පුහුණුව කල් ගතවිය. එම ශිෂ්‍ය සංගම් නියෝජිත ඒ. ඩී. පී. බණ්‌ඩාර ශිෂ්‍යයා පැවසුවේ රජරට සිසුන් සමඟ 2006වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍යපීඨයට ඇතුළත් වූ සිසුන් මේ වනවිට වෛද්‍ය උපාධිය අවසන් කරසිටින අතර එම වසරේදී රාගම, කොළඹ, යාපනය යන වෛද්‍ය පීඨයන්ටඇතුළත්ව සිටින සිසුහු ලබන දෙසැම්බර් මාසයේ දී උපාධිය
සම්පූර්ණ කර ඇති බවයි.     රජරට වෛද්‍ය සිසුන් මෙම ගැටලුවට මුහුණ දී සිටින්නේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා  අවශ්‍ය පහසුකම් නොලැබීම නිසා යනුවෙනි.  මෙම ප්‍රශ්නය විසදනවා වෙනුවට ආණ්ඩුව කලේ සිසුන් හය දෙනෙකුගේ පන්ති තහනම් කර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය තහනම් කිරීමයි.

දැනුම්දීමකින් තොරව බස් ධාවනයෙන් ඉවත් වෙනවා


lankahotnews.org
ලබන 14 වැනිදාට පෙර බස් ගාස්තු වැඩි කිරීමට රජය පියවර නොගත හොත් පෙර දැනුම් දීමකින් තොරව ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ‍මසක් ඇතුලත බස්
ගාස්තු වැඩි කරන බවට පසුගිය නොවැම්බර් මස 14 වැනිදා පැවැති සාකච්ඡාවේදී පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී.රත්නායක පොරොන්දු වූ බවය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට බරපතල සයිබර් ප්‍රහාරයක්


 lankahotnews.org
සුගිය බදාදා දිනයේ ඇමෙරිකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට (McAfee) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙහි වගකීම කිසිවෙක් භාරගෙන නැතත් මෙය පිටුපස බීජිනය ඇතැයි සැකපහලවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඉන්දීය
රජය සම්බන්ද තොරතුරු, යුධ තොරතුරු ආදී විශාල තොරතුරු ප්‍රමාණයක් සොරාගෙන ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි දත්ත සර්වරයක් ද සොරාගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි විද්‍යුත් ලිපි හා රහස් පද එම සයිබර් ප්‍රහාරකයින් විසින් සොරාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
 මෙයට ප්‍රථම සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන සංවිධායේ දත්ත සර්වරයකින්ද දත්ත සොරකම්කොට තිබුනි. මොවුන් පවසා ඇත්තේ තමන් බැංකුවලින් සල්ලි හොරකම් කර ඒවා පරිත්‍යාග කිරීමට කටයුතු කරන බවයි.එම සයිබර් ප්‍රහාරකයින් එය හඳුන්වා ඇත්තේද “ ඔපරේෂන් රොබින් හුඩ් “ නමිනි.

උපකුලපති ඉල්ලා අස්විය යුතුයි-ජපුර සිසුන්


 lankahotnews.org
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ පාලනයට එරෙහිව (01) දින දහවල් ජයවර්ධනපුර සරසවි සිසුන් විසින් උද්ඝෝෂණයක් පැවැත්වීය. අසත්‍ය චෝදනා මත පංති තහනම් කිරීම, නේවාසිකාගාර පහසුකම් කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම්
මූලික කරගෙන උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

ඉංජිනේරු සංස්ථා සේවකයෝ විරෝධතාවක


 lankahotnews.org
සුගිය බදාදා දිනයේ ඇමෙරිකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට (McAfee) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙහි වගකීම කිසිවෙක් භාරගෙන නැතත් මෙය පිටුපස බීජිනය ඇතැයි සැකපහලවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඉන්දීය රජය
සම්බන්ද තොරතුරු, යුධ තොරතුරු ආදී විශාල තොරතුරු ප්‍රමාණයක් සොරාගෙන ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි දත්ත සර්වරයක් ද සොරාගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි විද්‍යුත් ලිපි හා රහස් පද එම සයිබර් ප්‍රහාරකයින් විසින් සොරාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

 මෙයට ප්‍රථම සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන සංවිධායේ දත්ත සර්වරයකින්ද දත්ත සොරකම්කොට තිබුනි. මොවුන් පවසා ඇත්තේ තමන් බැංකුවලින් සල්ලි හොරකම් කර ඒවා පරිත්‍යාග කිරීමට කටයුතු කරන බවයි.එම සයිබර් ප්‍රහාරකයින් එය හඳුන්වා ඇත්තේද “ ඔපරේෂන් රොබින් හුඩ් “ නමිනි.

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ප්‍රහාරයක්


න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී ඉරානය විනාශකාරී පරමාණු අවි නිපදවන හෙයින් අන්තර්ජාතික වශයෙන්
ඉරානයට පනවා ඇති සම්බාධක දැඩිකලයුතු යැයි බිතාන්‍ය පුන පුනා කල ප්‍රකාශයට විරෝධය පල කරමින්
ඉරාන විශ්වවිද්‍යල සිසුන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට
කඩාවැදී පහරදී ඇත. මෙහිදී ප්‍රහාරයට මුහුණදීගත නොහැකිවූ බ්‍රිතාන්‍ය තානාපති කාර්ය මණ්ඩලය ආරක්ෂක දොරෙන් පැන ගොස් ඇත. සිසුන් බ්‍රිතාන්‍ය ධජ පුළුස්සමින් කාර්යාලයට හානිකලේය. මෙම ප්‍රහාරය දැඩි ලෙස බ්‍රිතාන්‍ය රජය හෙලා දැක ඇති අතර ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ද මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැක තිබේ. ඉරානයේ පරමාණු බෝම්බ නිපදවන බව එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති අධිකාරිය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කර සිටියේය. මීට වසර කිහිපයකට පෙර සිටම ඇමෙරිකාව ප්‍රම්‍රඛ බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල් ඉරානයට සම්බාධක පනවා තිබුණු අතර මෙම සිද්දියේදී ඉරානය පහරදීම සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කොට තිබේ.








ලෝක බැංකුව ශ්‍රී ලංකා අධ්‍යාපනයට අතහිත


lankahotnews.org
මෙරට ප‍්‍රාථමික සහ ද්වීතීක අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ශී‍්‍ර ලංකාවට ලබාදී තිබෙනවා. ඒ අනුව මෙම ණය මුදලින් මෙරට පාසල් පද්ධතිය ජාතික මට්ටම දක්වා දියුණු කිරිමට වැඩසටහන්
අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකස් කරමින් පවතිනවා. පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ සහයෝගය ඇතිව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ හා එක්ව අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමටයි දැනට සැලසුම් කර ඇත. ඒ යටතේ වයස අවුරුදු 6 ත්  10 ත් අතර දරුවන්ගේ ප‍්‍රාථමික අධ්‍යාපනය නගා සිටුවීමට බලාපොරොත්තු වනවා.

ග්‍රේරු මහතාගේ අධ්‍යාපන ආයතන රජයට පවරාගැනීමට පෙර ආණ්ඩුවට එකතු වුනා


lankahotnews.org
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට ගියේ ජාතියේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට නොව ඔහුගේ අනාගතය වෙනුවෙන් යැයි එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දී පැවසීය. ජාතියේ දරුවන්ට මේ ආණ්ඩුව යටතේ අත්ව තිබෙන ඉරණම ගැන සුළු
අවබෝධයක්වත් තිබුණා නම් ගේ‍්‍රරු ආණ්ඩුවට එකතු නොවෙතියිද ආණ්ඩුවට එරෙහිව හයිඞ් පිටියෙන් මතුවූ පොදුජන විරෝධය ඔහු පාවා දුන්නේ යැයි ද ජයසේකර මහතා චෝදනා කළේය. ව්‍යාපාරිකයින් දේශපාලනයට පැමිණි විට මෙවැනි තත්ත්වයන් මතුවන බව අද(01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ජයසේකර මහතා සඳහන් කළේය.

මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ අධ්‍යාපන ආයතන ඌන උපයෝජන පනත යටතේ පවරාගැනීමේ උත්සාහයක් පැවතියේ දැයි නොදන්නා බවත්, දරුවන්ගේ අනාගතය කෙසේවුවද තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ග්‍රේරු මහතා තීරණයක් ගෙන ඇති බව ද ජයසේකර මහතා පෙන්වාදුන්නේය. එය නින්දා සහගත සහ ලැජ්ජා සහගත ක්‍රියාවක් බව ද, එම ක්‍රියාව අනුමත නොකරන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

නමුත් ආණ්ඩුව, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට එක්වීම සමග අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වර්ධනයක් ඇතිකල හැකි බව  අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව දැන් නිවැරදි මග යමින් සිටිනවා


lankahotnews.org
දිවයිනට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා ජපාන තානාපති නිවසේදි මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී අදහස් දක්වමින් යසුෂි අකාෂි මෙසේ පැවසීය. "සංහිදියාව සඳහා වගවීමේ ක්‍රියාවලිය ඉතාම හොඳයි. සියුම් ලෙස සංහිදියාව පිළිබඳ අර්ථ දැක්වුවහොත් වගවීම යනු
වෙනම කොටසක්. නමුත් නියම සංහිදියාවක් සඳහා මූලිකත්වය ගන්නවා. ජාතික මුල පිරීමක් ඉතාම වැදගත් සේම ඉතාම ඵලදායි ජාත්‍යන්තර මුලපිරීමකට වඩා. දෙවැන්න තමයි එලෙස ජාතික ප්‍රවේශයකදී ජාත්‍යන්තර ප්‍රමිතීන් හා ප්‍රතිපත්ති පිළීබඳ සළකා බැලිය යුතුයි. තෙවැන්න සම්පූර්ණ ක්‍රියාවලියට අවසාන ප්‍රතිළුලයක් තිබිය යුතුයි"

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සියලු දීමනා ගෙවා දමනවා


lankahotnews.org
මේ මස 15 වෙනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සියලු දීමනා ගෙවන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා පවසයි.
 නිමා වු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙතෙක් මුදල් ගෙවීම් සිදු කර නොමැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දුන් මූල්‍ය අර්බූදය
ඊට හේතු වූ බව අතුරු කමිටුවේ හිටපු සභාපති උපාලි ධර්මදාස මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, එම ගෙවීම් සඳහා රුපියල් මිලියන 347ක් වෙන් කර ඇති බවයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල් ඉදිරියේදී ලැබීමට නියමිතව ඇතැයි, ද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

රැකියා ඉල්ලූ තරුණයින්ට ගුටි බැට සමග කදුළු ගෑස්

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස්  සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේය.
පොලීසිය විසින් එල්ල කරන ලද බැටන් පොලු ‍ප්‍රහාර නිසා සමාජවාදී තරුණ සංගමයේ තිදෙනෙකුට තුවාල සිදීවී ඇතියි ද ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව හදීසි අනතුරු ඒකකයේ අධ්‍යක්ෂ
 වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ පවසයි.සමාජවාදී තරුණ සංගමය මෙම විරෝධතාවය සංවිධානයකොට තිබුණේ 2012 වසර වෙනුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැයට විරෝධයපෑමත් අයවැයෙන් තරැණයන් අමතක කිරීමත් හේතුකොටගෙනය. සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණය නිසා කොළඹ කොටුව,ලේක්හවුස් හා ඒ අවට ප්‍රදේශය තුළ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය.







ජවිපෙ කට්ටිවාදීන් නිලතල රැකගන්න මාධ්‍ය සංදර්ශණයක


 lankahotnews.org
මතවාදීමය වශයෙන් තවදුරටත් ජවිපෙ දේශපාලනය සමග ගමනක් නොමැති ජවිපෙ කට්ටිවාදීන් ජවිපෙන් තමන්ට ලැබුණ නිලතල රැක ගැනීමේ මෙහෙයුමක් අරඹා තිබේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ  (29) කැඳවා තිබූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා සහභාගිවීමට ජවිපෙ කට්ටිවාදීන්ට සිදුව ඇත්තේ නීතිමය ක්‍රියාමාර්ග හමුවේ තම මතභේදකාරී සාමාජිකත්වය
රැක ගැනීමටයි.  මෙය සනාත වූයේ 29 ප.ව.3.00ට ජවිපෙ මධ්‍යමකාරක සභාව පවැත්වීමට යොදාගත් මෙහොතේම පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී දේශණයක් සූදානම් කොට තිබීමත්  ජවිපෙ කට්ටිවාදී ජී කුලරත්න 29උදේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ඉදිරියේ ඇති තම පක්ෂ සාමාජිකත්වය කිසිසේත්ම අවලංගුවීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කිරීමෙන්ය. අදියර 5න් ජවිපෙ බලය ඇල්ලීම අවසන්වී ඇති අතර දැන් පුද්ගලිකව තම තමන්ගේ සාමාජිකත්ව රැක ගැනීමේ මෙහෙයුම අරඹා ඇති අතර එය අදියර 6කින් ක්‍රියාත්මක වන බවත ජවිපෙ කට්ටිවාදී ආරංචි මාර්ග ප්‍රකාශවේ. ඒ සදහා පලමු අදියර මධ්‍යම කමිටු දිනයට කෙසේ හෝ පැලවත්තට පැමිණීම අනිවාර්යය කොට ඇත.
කෙසේ නමුදු ජවිපෙ ඊයේ (29) පැවැති මධ්‍යම කාරක සභාව විසින් මතුවී ඇති දේශපාලන තත්වය පදනම් කරගනිමින් ප්‍රධාන තීරණ 03ක් ගත් බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. එනම් ජවිපෙ මධ්‍යම කාරක සභිකයින්  එහි නායකත්වය සහ ජවිපෙ විවේචනය කරමින් ප්‍රසිද්ධ රැස්වීම්වල හා පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීම නැවැත්වීම, මධ්‍යම කමිටු සාමාජිකයින් විසින් ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීමේදී හා මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීමේ දී පක්ෂයේ නිසි අවසරයක් සහිතව එම ප්‍රකාශ සිදුකිරීම, ජවිපෙ ව්‍යවස්ථාව සහ විනය උල්ලංඝණය කරන අය පිළිබද සොයා බලා පරීක්ෂණ සිදුකිරීමට විජිත හේරත්, ජිනදාස කිතුලේගොඩ, ලක්ෂ්මන් නිපුණආරච්චි යන මධ්‍යම කමිටු සාමාජිකයින්ගෙන් සමන්විත විනය කමිටුවක් පත්කිරීම එම තීරණ 03යි. 

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැති මධ්‍යමකාරක සභාවට ජවිපෙන් ඉවත්ව ගොස් සිටින මධ්‍යමකාරක සභිකයින්ට ආරාධනා කර තිබූ අතර ඔවුන් පැමිණියත් එම රැස්වීමට සහභාගි නොවූ බවත්  ඔවුන්ට එම මධ්‍යම කාරක සභාවට සහභාගී වී සාකච්ඡා කිරීමේ අරමුණක් නොතිබු බවත් ප්‍රකාශ කළේය.

ආශ්චර්යමත් පිවිසුමේ චාටර් වුනොත් දඩය රු5000යි


lankahotnews.org
හදිසි ආපදා අවස්ථාවකදී වාහන නතර කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෙන්කර ඇති මංතීරුවේ හේතුවක් නොමැතිව වාහන නතර තරන රියදුරන්ට රුපියල් 5000ක දඩයක් නියම කොට ඇත. ආපදා මංතීරුවේ සිට අවට සිරි නරඹන පිරිස්
වැලැක්වීම මෙහි අරමුණ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඊට අමතරව ආශ්චර්යමත් පිවිසුම අපවිත්‍ර කරන පුද්ගලයන් අල්ලා ගැනීමට වෙනම වැඩපිළිවෙලක් සකස් කොට ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි

ටී.එන්.ඒ මන්ත්‍රීවරුන් හා යසුෂි අකාශි අතර හමුවක්


lankahotnews.org
ද්‍රවිඩ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් අද(29) මෙරටට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා හමුවී තිබේ.

එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් සත්දෙනෙකු
කොළඹ, හිල්ටන් හෝටලයේ දී යසුෂි අකාශි මහතා හමුවූ බව ද්‍රවිඩ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය, යුද්ධය නිමවූ පසුව තවමත් වාර්ගික ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් ලබාදීමට ප්‍රමාදවීම, උතුරු නැගෙනහිර පළාත්වල සිංහල ජනතාව නැවත පදිංචි කිරීම, එම පළාත්වල හමුදා පාලනයක් ඇතිකිරීම සහ සමගි සන්ධානය පිළිබඳව කතාකළ ද රජය ඊට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජපාන විශේෂ නියෝජිතවරයා දැනුවත් කළ බව ප්‍රේමචන්ද්‍රන් මහතා පෙන්වාදුන්නේය.

යුද්ධය නිමාවට පත්ව වසර 3 ට ආසන්න කාලයක් ගතව ඇති මෙම අවස්ථාව දේශපාලන විසඳුමක් සඳහා සුදුසුම අවධිය බව යසුෂි අකාශි මහතා එහිදී සඳහන් කළ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

කඩිනම් දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධව රජයේ නියෝජිතයින් හමුව සාකච්ඡා කරන බව ද අකාශි මහතා අවධාරණය කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඇමති ජොන්ස්ටන් පොල් කයි


lankahotnews.org
පොල් හිඟය මඟ හැරවීම සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් රුපියල් හය ලක්ෂ අසූඅට දහස් පන්සිය දොළහක් වියදමකින් 22500ක් වූ පොල් තොගය විනාශ කළ බව අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. පොල් තොගය ලැබෙන විට  ශ්‍රී ලංකාවේ පොල් හිඟය මඟහැරී
තිබූ බැවින් මේ පියවර ගත් බව ඇමැතිවරයා ප්‍රකාශ කලේය.

දුමින්ද පැමිණි වහා අත්අඩංගුවේ-රහස් පොලිසිය


lankahotnews.org
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රහස් පොලිසිය අද(29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.


ඒ අදාළ පැමිණිල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද කැඳවු අවස්ථාවේදී ය.

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මේ වන විට අධ්‍යයනයක් සිදුකරමින් සිටින බව රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ‍සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට දැනුම් දී සිටියේය.

එමෙන්ම ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

සැකකාර මන්ත්‍රීවරයා ශ්‍රි ලංකාවට පැමිණි පසු නීතිපති උපදෙස් මත අධිකරණය නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

මහරජ අන නොතකා බණ්ඩාරවෙල අයවැයත් ආණ්ඩුව පරදවයි


lankahotnews.org
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි බණ්ඩාරවෙල ප්‍රාදේශිය සභාවේ අයවැය පරාජයට පත්ව තිබේ.
 එහි සභාපති උදය කිත්සිරි පැවසුවේ, අයවැයට පක්ෂව ඡන්ද 4ක් ලැබී ඇති අතර ඊට විපක්ෂව ඡන්ද 5ක් ලැබුණු බවයි.

ඒ සඳහා රහස් ඡන්දයක් පැවති අතර එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඊට විපක්ෂව ඡන්දය භාවිත කර ඇති බව ද ඔහු පැවසීය.ඔහු සඳහන් කළේ, ඒ අනුව එක් වැඩි ඡන්දයකින් අයවැය පරාජයට පත් වූ බවයි.
මන්ත්‍රීවරු 9 දෙනෙක් නියෝජනය කරන බණ්ඩාරවෙල ප්‍රාදේශිය සභාවේ  6දෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර අනෙක්  තිදෙනා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු වෙති.

අධිවේගයේ පළමු රිය අනතුරින් පුද්ගලයින් දෙදනෙකුට තුවාලයි..


 lankahotnews.org
දක්ෂිණ අධිවේගි මාර්ගයේ වෑන් රථයක් පෙරළීමේන් පුද්ගලයින් දෙදනෙකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ අද පෙරවරු 7.15 ට පමණ කහතුඩුවට කිලෝමිටර් 8 ක් දුරින් එම අනතුර සිදුව ඇති බවය
.වෑන් රථය ලිස්සා යෑමෙන් පෙරළි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.තුවාල ලැබුවන් හොරණ රෝහලට අතුලත් කර තිබේ.

කොටි මහවිරු සැමරුම් අත්හදා බලයි


lankahotnews.org
හිටපු කොටි නායක වෙළුපිල්ලේ උපන් දිනය වෙනුවෙන් කොටි හිතවාදී පිරිස් ත‍්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයකදී පත්‍රිකා බෙදා හැරීමක් හා පෝසටර් ව්‍යපාරයක් දියත් කොට ඇත. සාම්පූර් අවතැන් වැසියන් වෙසෙන කිලිවෙඞ්ඩි සුභසාධන මධ්‍යස්ථාන භූමියේ දමාගොස් තිබූ
අත්පත‍්‍රිකා කිහිපයකින් පැවසෙන්නේ කොටි නායකයා මිය නොගිය බවත්
කිසිදිනෙක කොටි නොනවතින බවත් කොටින්ගේ විශ්වාසය දෙමළ ඊළම බවත්ය. මේ අතර ත‍්‍රිකුණාමලය සාම්පල්තිවු ප‍්‍රදේශයේ රතු පැහැ අකුරින් ලියා අලවා තිබූ පෝස්ටර්වල සඳහන් වූයේ සිරස නමා ජීවත් නොවන ලෙසත් ජනතාව වෙනුවෙන් මැරුණු විරුවන් සිහිකරන ලෙසත්ය.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා කොටි හිතවාදීන් විසින් වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ උපන්දිනය යෙදුනු ඊයේ දිනයේදී (27) පෝස්ටර් ඇලවීම්, පහන් දැල්වීම් ඇතුළු සමරු උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. පසුගිය වසරේදීද මියගිය කොටි නායකයා සිහිකර යාපනයේ සරසවිය තුල පහන් දල්වා සිහි කිරීමේ උත්සව පවත්වා තිබුණි නමුත් මෙවර එම කටයුතු සාර්ථක කොට ගැනීමට නොහැකිවී ඇත.

දිරිය දරුවෝ දේශපාලනයට යොදාගත් සංවිධායකයින් ගුටි කයි!


”දිරිය දරුවෝ ළමා පදනම” ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පැවැත්වූ තෑගි බෙදීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ජනපති බිරිය ශිරන්ති රාජපක්‍ෂ ඇතුළු පිරිසක් සහභාගීවන බව පවසමින්
තෑගි බෙදා දීමේ උත්සවය සංවිධානය විය. නමුත් පැය ගණනක් ගියද ප්‍රධාන අමුත්තන් මීට සහභාගී නොවීය. උත්සවය පමා කිරීම නිසා ප‍්‍රකෝප වූ පිරිස් සංවිධායකයනට පහරදෙන්නට වූහ. තෑගි කොල්ලකෑහ. රැස්වීම අවසන්වනතුරුත් ආරාධිතයෝ නොපැමිණියහ. පන්දහසක් පමණ දෙනා මේ උත්සවයට ආහ. උත්සවය සංවිධානය කළ බව කියන හත්දෙනකු අත්අඩංගුවට ගෙන හතරදෙනකු පොලිස් ඇප මත මුදා හළ බව පොලිසිය කියයි. ජන්දයක් ලංවූ විටක නම් දරුවන් මෙවැනි දේශපාලන කටයුත්තකට සහභාගීකර දෙමව්පියන්ගේ ජන්දය කොල්ලකන දේශපාලකයින් හා ඉන් ලකුණු දමා ගන්නා සංවිධායකයින් අපමනය. ජන්ද නොමැති කලක දේශපාලකයින් මේවාට යොදවා ගත්විට දැන්නම් ලැබෙන්නේ ගුටි පූජාය. 

වරායේ වෘත්තීය සමිතිය නැවතත් ජවිපෙට


lankahotnews.org
පසුගිය නොවැ. 22 දින පැවති වරාය සේවක සුභසාධන සමූපකාර සමිතියේ මහා සභා නිලවරණයෙන් ජ.වි.පෙ. ට සම්බන්ධ වරාය වෘත්තීය සමිතිය වන සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ඉදිරිපත් කළ කණ්ඩායම ජයගෙන තිබේ. වරාය තුල විවිධ කොට්ඨාශ නියෝජනය කරමින් නියෝජිතයින් පත්කරන මෙම සමා සභා නිලවරණයේදී ජ.වි.පෙ. ට සම්බන්ධ
වෘත්තීය සමිතිය විසින් නියෝජිතයින් 81 ක් ඉදිරිපත් කර තිබූ අතර ඉන් 72 ක්ම තේරී පත්ව ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත්ත කරන්න යසුෂි අකාෂි දිවයිනට

lankahotnews.org
ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. තෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන යෂුෂි අකාෂි දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පැවරීම වෙනුවෙන් පැවැත්වෙන උත්සවයේ විශේෂ ආරාධිතයෙකු ලෙසද එක්වනු ඇති.
හෙට (27) මෙම මාර්ගය විවෘත කෙරෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන්. සිය සංචාරය අතරතුරදී යෂුෂි අකාෂි ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හා විපක්ෂය සමගද සාකච්ජා කිරීමට නියමිතයි.

රට පුරා මහ වැසි


lankahotnews.org
යාපනය, මඩකලපුව, වව්නියාව, අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ඇඳ හැලෙන අධික වැසි සමඟ ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ එම දිස්ත්‍රික්කවල මාර්ග කිහිපයක් ද ජලයෙන් යට වී ඇති බවය
. මේ අතර අනුරාධපුර මල්වතු ඔය සහ යාන් ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.
මඩකලපුව දිස්ත්‍රික්කයේද මාර්ග කිහිපයක් තවමත් ජලයෙන් යටවී ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි පවසයි. මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට බලපා ඇති දැඩි සුළං තත්ත්වයත් සමඟ ගස් කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශයේ නිවාස සහ ගොඩනැගිලිවලට හානි සිදුව තිබේ. මේ වනවිට එම ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී ඇති බවත්, ගස් කඩා වැටී මාර්ග අවහිරවීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බවත්ය. මෙම තත්ත්වය ටොනේඩෝ තත්ත්වයක් බවට සැකකරන බව අපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

සුමන සමන් දෙවිදුට ආරක්ෂාව දීමට නොහැකිවූ සමනල අඩවියේ ජන්දය


lankahotnews.org
ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් තෝරා ගැනීමේ ඡන්දය සබරගමු පළාත් සභාවේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී දැඩි ආරක්ෂාව මැද්දේ සිදුවිය. ඒ අනුව ශ්‍රි පාදස්ථානාධිපති නායක පදවිය සදහා පැල්මඩුල්ල රජමහා විහාරය සහ පොත්ගුල් රජමහා විහාරයන්හි උභය විහාරාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් අද පස්වරුවේ තේරී පත්විය.

මෙහිදී බෙංගමුවේ ධම්මදින්න හිමියන්ට ඡන්ද 165 ලැබුනු අතර උන්වහන්සේ සමග නායක පදවිය සඳහා තරඟ වැඳුනු වර්තමාන ශ්‍රි පාදස්ථාන භාරකාර පුජ්‍ය දම්පහල සීලානන්ද හිමියන්ට හිමිවූයේ ඡන්ද 127 ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 38 කින් ධම්මදින්න හිමියන් ශ්‍රි පාදස්ථානාධිපති නායක පදවියට තේරි පත්විය.
අවසන් මොහොතේදී නායක පදවිය සඳහා තරඟ වැදීමට නියමිතව සිටි භික්ෂූන්වහන්සේ තුන් නමක් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඒ මල්වතු පාර්ශ්වයේ සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය වේහැල්ලේ සිරි අත්ථදස්සි ධම්මපාල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ නිත්‍ය නේවාසික උපසම්පදා භික්ෂූන්වහන්සේ තුන්සිය අට නමක් සුදුසුකම් ලැබිණි.

වැඩකරන ජනතාව දැවැන්ත අරගලයකට සූදානම්


lankahotnews.org
මෙවර අයවැය රාජ්‍ය සේවකයින්ට 10%ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට ප‍්‍රකාශ කළ නමුත් මේවන විට එය වැටුපට එල්ලන තවත් සොච්චම් දීමනාවක් බව පැහැදිලි වී තිබෙන බවත් ජාතික වෘත්තීය සමිතිය කියා සිටී. එම මධ්‍යස්ථානය ජනාධිපතිවරයාට ලිපියක් මගින් කියා සිටින්නේ දැනට ගෙවනු ලබන සියළු දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසය.කේ.ඞී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් යුතුව යවා ඇති එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.


ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස අප රාජ්‍ය අංශයට රු. 10000/= ක වැටුප් වැඩිවීමක් හා පෞද්ගලික අංශයට 40% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියේ 2006 වසරේ සිට මේ දක්වා වැටුප් වැඩිකිරීමක් සිදුනොකර සොච්චම් දීමනා කිහිපයක් ලබාදීමට කටයුතු කළ හෙයින් 2006 සිට මේ දක්වා වැඩිවී ඇති ජීවන වියදම පියවා ගැනීම සඳහාය. ඔබතුමා බලය ගැනීමට පෙර මෙන්ම බලයට පත්වූ පසුත් අප මධ්‍යස්ථානය මගින් අවස්ථා ගණනාවකදීම වැටුප් අරගල දියත් කළ අතර අයවැය කිහිපයක් මගින් ලබාදුන් සොච්චම් දීමනා ලබාදීමට එම අරගල බලපෑමක් කල බවත් අවිවාදිතය. 2006 අයවැයෙන් රාජ්‍ය සේවයේ අවම වැටුප් රු. 11730/= දක්වා ඉහල දැමීමටත් ඒ සමග රු. 1000/=ක දීමනාවක් ලබාදීමද සිදු කළේ එවකට මතුව තිබූ වැටුප් අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස බැව් අපි ප‍්‍රකාශ කරමු. එම අවස්ථාවෙම වැඩිවන ජීවන අංකයට රු. 2.50 ක දීමනාවක් ගෙවීමටද ඔබතුමා එකඟ වූවත් එම පොරොන්දුව ඔබතුමා විසින් කඩකරන ලද බවත් පසුව අපගේ බලකිරීම මත මාස 6 කට වරක් රු. 375/= ක දීමනාවක් ලබාදුන් බවත් එයද වරින්වර නතර කලවිට ඒ වෙනුවෙන් අරගල කිරීමට පවා අපට සිදුවූ බවත් මෙහිදී මතක් කර දිය යුතුය.

ඒ අනුව රු. 375/= ක දීමනා 4 ක් දිනාගැනීමට අප සමත්වූ අතර එමගින් රු. 1500/= ක දීමනාවක් වැටුපට එල්ලන ලදී. පසුව 2008 ජූලි 10 වන දින අප මධ්‍යස්ථානය මගින් දියත් කළ එක්දින වැඩ වර්ජනයේ බලපෑම මත වැඩවර්ජනයට පෙර රු. 1000/= ක දීමනාවකුත් අපට දිනාගත හැකිවිය. පසුව 2010 අය වැයෙන් රු. 750/= ක දීමනාවක්ද වැටුපට එකතු කරන ලද අතර 2011 අයවැයෙන් රු. 600/= ක දීමනාවක් හා 5% ක තවත් දීමනාවක් ලෙස රු. 586.50 අවම වැටුප් ලබන රජයේ සේවකයින්ට ලබාදෙන ලදී. දැන් මෙවර අයවැයෙන් ලබාදුන් 10% ක දීමනාව ලෙස රු. 1173/= ක් හිමි වන අතර ඒ අනුව මෙතෙක් ලැබූ දීමනා සියල්ල එකතු කළ විට රු. 7609.50 දීමනාවක් වැටුපට එල්ලෙයි.

අප වැඩිවන ජීවන වියදමට සරිලන ලෙස විiාත්මක ලෙස සංඛ්‍යා ලේඛන ගලපා වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියත් ඔබතුමාගේ ආණ්ඩුවට වසරකට වැඩිකල හැක්කේ මෙවැනි ඉතාම සොච්චම් දීමනාවක් පමණක් බව දැන් ඉතාම පැහැදිලිය. එබැවින් මෙවර අයවැය යෝජනා 3 වැනි වර කියවා සම්මත කර ගැනීමට පෙර අවම වශයෙන් දැනට වසර 6ක් තිස්සේ වැටුපට එල්ලා ඇති රු. 7609.50 ක දීමනාව මූලික වැටුපට එකතු කර රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රු. 11730/= සිට රු. 19339.50 ක් කරන ලෙස අප ඉල්ලා සිටිමු.

එසේම පෞද්ගලික අංශයේ වැටුප් පිළිබඳව අයවැයේ කිසිදු සඳහනක් කර නොමැති අතර සාමූහික ගිවිසුම් වලින් වැටුප් වැඩිවන ආයතන කිහිපයක් හැරෙන්නට සාප්පු හා කාර්යාල ඇතුළු සුළුපරිමාන පෞද්ගලික ආයතනවල සේවය කරන සේවකයින්ට වසර ගණනාවක සිට කිසිදු වැටුප් සහනයක් ලැබී නොමැත. 2005 අයවැයෙන් පමණක් අයවැය සහන දීමනාවක් ලෙස රු. 1000/= ක් පෞද්ගලික අංශයට ලබාදුන් අතර එයද සියලූම පෞද්ගලික ආයතන සේවකයින්ට ලැබුනාදැයි සැක සහිතය. එබැවින් ඉතාමත් ආර්ථික දුෂ්කරතාවන් වලට මුහුණපා සිටින පෞද්ගලික අංශයේ සාතිශය බහුතරයක් කම්කරුවන්ට සහනයක් ලබාදීමට අයවැය වාර්තා සම්මත කර ගැනීමට පෙර ඔබතුමා කටයුතු කරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

අවසාන වශයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සහනයක් හෝ ලබාදීමට අසමත් වන්නේ නම් නොබෝ දිනකින් වැඩකරන ජනතාවගේ දැවැන්ත අරගලයක් ඇතිවීම වැලැක්විය නොහැකි බවයි.

වැටුප් වැඩි නොකලොත් උද්ඝෝෂණයේ


lankahotnews.org
ලංකා විදුලිබල මණ්‌ඩල සේවක වැටුප් සියයට හතළිස්‌ පහකින් ඉහළ නොදමන්නේ නම් ලබන සතියේ සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති තීරණය ඇති බව අප වෙත වාර්තා වේ. විදුලිබල මණ්‌ඩල සේවකයන්ට වසර තුනකට වරක්‌ වැටුප් වැඩිවන අතර 2009 ජනවාරියට පසුව 2012 ජනවාරි මාසයේ වැටුප් වැඩිවීම ලැබිය යුතුව ඇති බවද ඔවුන් පවසයි.
ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ විදුලිබල මණ්‌ඩල සේවකයන්ට සියයට පහළොවක වැටුප් වැඩිවීමක්‌ පමණ බව පවසන වෘත්තීය සමිති 2012 අය – වැය මගින් රාජ්‍ය සේවකයන්ට සියයට දහයක වැටුප් වැඩිවීමක්‌ ලබා දුන්නත් විදුලිබල මණ්‌ඩල සේවකයන්ට වසර තුනකටම සියයට පහළොවක වැටුප් වැඩිවීමක්‌ ලබාදීම අසාධාරණ බව අවධාරණය කරයි. මේ පිළිබඳ වැටුප් කොමිෂන් සභාව හා වෘත්තීය සමිති එක් ව සාකච්ඡා කළ ද කොමිෂන් සභාව එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ. සියයට හතළිස්‌ පහකින් විදුලිබල මණ්‌ඩල සේවකයන්ට වැටුප් නොගෙවන්නේ නම් ලබන සතියේ අරඹන වෘත්තීය සටන ජනවාරියේ වැඩවර්ජනයක්‌ බවට පත්වීමට ඉඩ ඇති බවද වෘත්තීය සමිති පවසයි.

කොටස් වෙළදපොළ හදිසියේ අත්හිටුවයි


මේවන විට කොළඹ කොටස් වෙළදපොළේ සියළු ගනුදෙනු කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
කොළඹ කොටස් වෙළඳ පොළේ මිලංක මිල දර්ශකය අද උදෑසන සියයට 5.0 කට වඩා පහළ යාම නිසා විනාඩි තිහක කාලයකට ගනුදෙනු අත්හිටුවීමට කොටස් වෙළඳ පොළ කටයුතු කළේය.

ඊයේ දිනයේදී කොටස් වෙළඳ පොළ ගනුදෙනු සියයට 2.7 කින් පහළ ගිය අතර මිලංක මිල දර්ශකය සියයට 5.0 කට වඩා පහළ ගිය අවස්ථාවල මීට පෙරද ගනුදෙනු පැය බාගයකට අත්හිටුවීමට කොටස් වෙළඳ පොළ ක්‍රියාකර තිබුණි.
2012 වසර වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත්කළ අයවැය අවුල් ජාලාවක්වීම නිසා ව්‍යාපාර ක්ෂේත්‍රය ඉදිරියට පවත්වාගෙන යාමේ බරපතළ අනතුරක් මතුකරමින් අද දින කොළඹ කොටස් වෙළදපොළ 5%කින් කඩා වැටින. උද්ගතවූ බරපතළ අනතුර මගහැරීමේ පියවරක් වශයෙන් වෙළදපොළ ගනුදෙනු පැය භාගයකට අත්හිටුවන ලදී.

මාස කිහිපයකට පෙර ආණ්ඩුව උදම් ඇනූවේ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන දෙවැනි කොටස් වෙළදපොළ යන කීර්තිය ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි. නමුත් එහිදී සිදුවූයේ ආණ්ඩු හිතවාදී ජාවරම් කරුවන් කිහිපදෙනෙකුගේ සමාගම් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල වැනි අරමුදල් ආයෝජනය කර කෘත්‍රිම වර්ධනයක් ඇතිකිරීමය.

" සිහින ඇති සහන නැති "අය වැයක්


lankahotnews.org
නිවැරදි ආර්ථික කළමණාකරණයක් සහිත සාර්ව ආර්ථික දැක්මක් නැති ජනතාවට සහන නැති සිහින ඇති අයවැයක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන බැවින් ජනතා විමුක්ති පෙරමුුණ එයට එරෙහිව ඡුන්දය දී පාර්ලිමේන්තුවෙන් පිටත රට පුරා ජනතාව සමග එක්වී උද්ඝෝෂණ පවත්වන බව
එම පක්‍ෂය පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී හෙළි කළේය. අද (23) උදේ පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පා.ම. විජිත හේරත්, පා.ම. සුනිල් හදුන්නෙත්ති සහ හිටපු පා.ම. සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරු සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා ප‍්‍රධාන කරුණු කිහිපයක් අවධාරණය කළේය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප 10%කින් වැඩි කරන බව ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය බොරුවක් යැයිද ඔහුන්ගේ මූලික වැටුපෙන් 10%කට සමාන දීමනාවක් පමණක් යෝජනා කර ඇති බව පෙන්වා දුන්නේය. එසේම වෙනත් අය-වැය ලේඛනවලදී පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකරන ලෙස හාම්පුතුන්ගෙන් ඉල්ලීමක් කරන  බවද මෙහිදී එවැනි ඉල්ලීමක් පවා නොකළේ ප්‍රෝඩාකාරී විශ‍්‍රාම වැටුප් පනතට විරෝධය පළකළ ලක්‍ෂ 70ක් පමණ පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් පලිගැනීමට බව හෙලි කළේය.

පසුගිය අයවැය යෝජනාවල ඇතුලත් වූ ඉටු නොකළ පොරොන්දු එකිනෙක විග‍්‍රහ කළ මන්තී‍්‍රවරයා, ති‍්‍රවිධ හමුදා සොල්දාදුවන්ගේ පවුල්වල තුන්වන දරු උපත වෙනුවෙන් රුපියල් ලක්‍ෂය බැගින් දෙන බව පවසා රුපියල් ලක්‍ෂ 12,000ක් වෙන්කළ බවත් ඒ අනුව හමුදා පවුල්වල සාමාජිකයින් 12,000 කට ආසන්න ප‍්‍රමාණයකට මේ වනවිට රුපියල් ලක්‍ෂය ලැබී තිබිය යුතු වුවත් එසේ ලැබුණ කෙනෙක් සොයාගත නොහැකි බව හෙළි කළේය. එම විහිළුකාරී යෝජනාව මෙවර විගඩමක් බවට පත්කරමින් පොලීස් සේවයේ යෙදී සිටින අයගේ තුන්වන දරු උපතක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂය බැගින් දෙන බවට පොරොන්දු දුන් බව පෙන්වාදුන්නේය.

රැකියා විරහිත උපාධිධාරීන් 40,000 කට වැඩි පිරිසක් මේ වනවිට සිටින අතර පසුගිය අයවැයෙන් ඔවුන් 15000 කට රැකියා ලබාදෙන බව පොරොන්දු වුවද මෙම අයවැය ලේඛනයෙන් එම පොරොන්දු දීම පවා අත්හැර ඇතැයි හෙළි කළේය. සෑම ග‍්‍රාම සේවා වසමකටම ජනසභා ලේකම්වරයෙකු බැගින් පත්කර උපාධිධාරීන් 15000 කට රැකියා දෙන බව කීව ද මේ වනවිට ජනසභා ලේකම් පොරොන්දුව අමතක කර ඇති බව පැහැදිලි කළේය.

තවදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මැතිවරණ ළංවී මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් නිධි කැණීම් කටයුතු කරමින් ජනතාවට සිහින දුන් බව ද නමුත් මෑත අවස්ථා හතරක දී ගෑස් මිල වැඩි කළා මිස සමස්ත ජනතාවගේ ජීවන වියදම් ප‍්‍රශ්නය විසදීමට ඵලදායි කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැති බව ද ‘‘තෙල් මිල වැඩි කළ ඒකෙන් ජීවන බරට තවත් බර පැටවුණා, රජයේ සේවකයන්ට අවම වශයෙන් රු.10000ක් වැටුප් වැඩි කළ යුතුයි. පෞද්ගලික අංශයේ සේවකයින්ට ද 40%කින් වැටුප් වැඩි කළ යුතු බව අපි අවධාරණය කරනවා.’’ යනුවෙන්ද පැවසීය.

මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ පා.ම. සුනිල් හදුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේ ශී‍්‍ර ලංකා වැනි දුර්වල ආර්ථිකයක් පවතින රටක මුදල් ඒකකය බාල්දු කිරීම නිසා උද්ධමනය වැඩිවන බව ද විදේශීය ආදායම් හීන වන බවයි. මේ වනවිටත් අපේ ප‍්‍රධාන අපනයන වන තේ සහ ඇඟලූම් සම්බන්ධයෙන් විදේශ වෙළඳපොළවලදී අර්බුදකාරී තත්වයක් ඇති වී තිබෙන බව ද කෙන්යාව ඇතුළු රටවල් ලෝක තේ වෙළඳපොළ අත්පත් කරගෙන තිබෙන අතර ඇඟලූම් පංගු ප‍්‍රමාණය ද පහත වැටෙමින් තිබියදී මෙවැනි කි‍්‍රයාමාර්ග අනුගමනය කිරීමෙන් ප‍්‍රායෝගිකව සිදුවන්නේ ආර්ථිකය අර්බුදයකට යෑම පමණක් බව පැහැදිලි කළේය. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකා ආණ්ඩුවට පනවා ඇති කොන්දේසි ඉටු කිරීමට පසුගිය වසර 30 ක් පුරා රටපාලනය කළ ආණ්ඩු කි‍්‍රයා කළ ද ඒ අනුව සිදුවූයේ ආර්ථික අර්බුදයක් ඇති වීම පමණක් බව හෙළි කළේය.

රට පුරා මහත් ප‍්‍රචාරයක් ලබාදෙමින් දිවි නැගුම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට විශාල මුදලක් වැය කළ ද එහි ප‍්‍රතිඵල පිළිබඳව ආණ්ඩුව පරස්පර විරෝධී සංඛ්‍යා ලෙඛන ඉදිරිපත් කරමින් සිටින බවට මන්තී‍්‍රවරයා චෝදනා කළේය. අයවැය කතාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ දිවි නැගුම ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිසා අත්‍යාවශ්‍ය ආහාර මිල 50%කින් අඩුවී ඇති බවයි. මේ හෙතුවෙන් ආහාර ද්‍රව්‍ය වල උද්ධමනය 3%ක මට්ටමේ පවතින බව ජනාධිපතිවරයා පැවසුව ද පසුගිය සැප්තැම්බර් මස නිකුත් කළ රාජ්‍ය මූල්‍ය කළමණාකරණ වාර්තාවට අනුව ආහාර ද්‍රව්‍යවල මිල උද්ධමනය 10% ඉක්මවා ඇති බව සඳහන් වන්නේ යැයි හෙළි කළේය.

මෙහිදී මාධ්‍ය වේදීන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් විජිත හේරත් මන්තී‍්‍රවරයා පැහැදිලි කිරීම් කළේය. සංචාරක ව්‍යාපාරය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වමින් ආණ්ඩුව විශාල වශයෙන් බදු සහන ඇතුළු ආර්ථික වරප‍්‍රසාද ලබාදී ඇති බව ද එය කෙතරම් දැයි යන්න පැහැදිලි වන්නේ ආනයනය කරන තොප්පි සහ පාවහන්, රූපලාවණ්‍ය උපකරණ, හැදි ගෑරුප්පු, සෙල්ලම් බඩු වැනි දෑ වෙනුවෙන් අයකළ 30%ක පමණ බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් යැයි පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ මන්ත‍්‍රිවරුන්ට පහරදීම පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට  පිළිතුරු දුන් මන්තී‍්‍රවරයා, විරෝධය පෑමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය විපක්‍ෂයට ඇති බවත් ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් විපක්‍ෂ මන්තී‍්‍රවරු සිටින ස්ථානවලට පැමිණ ජනාධිපතිවරයා ඉදිරියේ පහර දුන්නද ජනාධිපතිවරයා අයවැය කතාවේදී සඳහන් කළේ උද්ඝෝෂණය කිරීමේ අයිතිය ඇති බවයි.  එහෙත් පහර දෙන අවස්ථාවේදී ජනාධිපතිවරයා බලා සිටි බව ද මෙම දෙබිඩි පිළිවෙත ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ බරපතල ගැටළු මතුකරන බවත් ජනතා විමුක්ති පෙරමුණ එය දැඩිව හෙළා දකින බව අවධාරණය කළේය.

අපිව සතුටු කල අයවැයක් - IMF


lankahotnews.org
ශ්‍රී ලංකා රජය විසින් රුපියල අවප්‍රමාණය කිරීමට ගෙන ඇති තීරණය ආර්ථික ක්ෂේත්‍රයේ සුබවාදී බලාපොරොත්තු ඇතිකරනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
මෙමගින් ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනයේදී තරගකාරිත්වය තුළින් වාසිදායක තත්ත්වයක් උදාකරදෙනු ඇතිවාක් මෙන්ම සංචිත සාමාන්‍ය මට්ටමෙන් ඔබ්බට ආරක්ෂාකාරීවනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත කෝසි මතායි මහතා පවසා ඇත.

මෙම තීරණය ශ්‍රී ලංකාව විසින් ගනු ලැබූ නිවරදි තීරණයක් බවත්,එය අපනයන තරගාකාරිත්වයට බොහෝ සහායවනු ඇති බවත් කෝසි මතායි මහතා වැඩිදුරටත් පවසා තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2012 අයවැය තුළින් වහා ක්‍රියාත්මත වන පරිදි රුපියලේ අගය 3% න් අවප්‍රමාණය කළ යුතු බවට යෝජනා කර ඇත. ආණ්ඩුවේ මතය මෙවර අයවැයෙන් රුපියල බාල්දු කිරීමක් නොකළ බවත්,විදේශ මුදලට සාපේක්ෂව දේශීය මුදල් ඒකකය ගැලපීමක් පමණක් කළ බවත්ය. කෙසේ නමුදු IMF එලිපිටම රජයේ ගමන් මග වර්ණනා කරමින් සිටී

නැවත අය වැය පරාජය කරන මන්ත්‍රී වරුන්ට විනය ක්‍රියාමාර්ග


lankahotnews.org
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ගාල්‍ල බෝපේ-පෝද්දල ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාජයට පත් වී තිබේ.සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන්  සන්ධානයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් 7 දෙනෙකු සභාව නි‍යෝජනය කරන අතර අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළේ එයින් තිදෙනෙකු පමණි.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් තිදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රිවරයා අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළේය.
මීට පෙරද දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැයද පරාජයට පත්විය. මෙසේ පරාජයන් ගේ සලකුණු ආණ්ඩුවේ  පැවැත්මට සුභදායි නොවන නිසා බරපතල ක%ියාමාර්ග ගන්නා බව ජනාධිපතිතුමා මීට පෙරද සදහන් කළේය.
මේ අතර පළාත් පාලන ආයතනවල අයවැය සම්මත කිරීමට එරෙහි කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රීවරුන් පිළිබඳ වහාම ක්‍රියාත්මක වන පරිදි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් පුකාශ කළේය.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ වාර්ෂික අයවැය සම්මත කිරීමේ දී එයට එරෙහි කටයුතු කරන සියළු මන්ත්‍රීවරුන්ට ද පක්ෂ ප්‍රතිපත්තීන් මත විනය පියවර ක්‍රියාත්මක කරන බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් මෙම තීරණය සන්ධාන පාලන බලය හිමි සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත හා පක්ෂ සංවිධායකයින් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද මහලේකම්වරයා සඳහන් කළේය. කෙසේ නමුදු  මෙම සිද්ධි වලින් පෙනී යන්නේ ආණ්ඩුපාක්ෂිකයන් නායකත්වය සමග දක්වන ප්‍රතිවිරෝධයයැයි විචාරක ම?යයි

නිදහස් අධ්‍යාපනයේ මලගම SB ඇමති සමයයි-වෛද්‍ය සිසුන් කියයි


lankahotnews.org
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ඉදිකිරීම් වහා නතර කරන ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනක් අද කොළඹ දී පැවැත්විණි. දිවයින පුරා විශ්වවිද්‍යාල වෛද්‍ය සිසුහු දහසකට ආසන්න පිරිසක් ඊට එක්වූහ.
ඔවුන් කොළඹ ජාතික රෝහල අසලින් පාගමන ආරම්භ කර කිංසි පාර ඔස්සේ පුංචි බොරැල්ලටත් මරදාන ඩීන්ස් පාර හරහා වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටටත් පැමිණි මහ පාරේ වාඩි වූහ. NO PMC වශයෙන් සදහන් කල විරෝධතා පුවරු රැගත් මෙම උද්ඝෝෂකයින් ‘ නිදහස් අධ්‍යාපනයේ මළගම‘‘ යැයි ලියූ මිනී පෙට්ටියක් ද රැගෙන ආහ.
උසස් පෙළ විභාගය අසමත් වූ කිහිප දෙනෙක් මාළඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටින බව පැවසූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව උසස් පෙල විභාගයෙන් ‘එස්’ සාමාර්ථ තුනක්වත් ලබාගැනීමට නොහැකි වූවන්ටත් වෛද්‍ය උපාධිය ලබාදීම නිසා අනාගතයේදී මෙරට සෞඛ්‍ය සේවය දැඩි පිරිහීමකට ලක්වනු ඇති බව සදහන් කළේය.. මෙම තත්වය මෙරට අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ මුල් පියවරක් විය හැකි බවද ඔවුන් පවසයි.
මේ නිසා පුරහල, බොරැල්ල, මරදාන ඇතුළු ප්‍රධාන මංසන්ධි කිහිපයක දෙපැයකට අධික කාලයක් දැඩි වාහන තදබදයක් පැවැතියේය.







 
Lady Gaga Queen News © 2011 | Designed by Ibu Hamil, in collaboration with Uncharted 3 News, MW3 Clans and Black Ops