සුමන සමන් දෙවිදුට ආරක්ෂාව දීමට නොහැකිවූ සමනල අඩවියේ ජන්දය


lankahotnews.org
ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් තෝරා ගැනීමේ ඡන්දය සබරගමු පළාත් සභාවේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී දැඩි ආරක්ෂාව මැද්දේ සිදුවිය. ඒ අනුව ශ්‍රි පාදස්ථානාධිපති නායක පදවිය සදහා පැල්මඩුල්ල රජමහා විහාරය සහ පොත්ගුල් රජමහා විහාරයන්හි උභය විහාරාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් අද පස්වරුවේ තේරී පත්විය.

මෙහිදී බෙංගමුවේ ධම්මදින්න හිමියන්ට ඡන්ද 165 ලැබුනු අතර උන්වහන්සේ සමග නායක පදවිය සඳහා තරඟ වැඳුනු වර්තමාන ශ්‍රි පාදස්ථාන භාරකාර පුජ්‍ය දම්පහල සීලානන්ද හිමියන්ට හිමිවූයේ ඡන්ද 127 ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 38 කින් ධම්මදින්න හිමියන් ශ්‍රි පාදස්ථානාධිපති නායක පදවියට තේරි පත්විය.
අවසන් මොහොතේදී නායක පදවිය සඳහා තරඟ වැදීමට නියමිතව සිටි භික්ෂූන්වහන්සේ තුන් නමක් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඒ මල්වතු පාර්ශ්වයේ සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය වේහැල්ලේ සිරි අත්ථදස්සි ධම්මපාල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ නිත්‍ය නේවාසික උපසම්පදා භික්ෂූන්වහන්සේ තුන්සිය අට නමක් සුදුසුකම් ලැබිණි.

 
Lady Gaga Queen News © 2011 | Designed by Ibu Hamil, in collaboration with Uncharted 3 News, MW3 Clans and Black Ops