දුමින්ද පැමිණි වහා අත්අඩංගුවේ-රහස් පොලිසිය


lankahotnews.org
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රහස් පොලිසිය අද(29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.


ඒ අදාළ පැමිණිල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද කැඳවු අවස්ථාවේදී ය.

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මේ වන විට අධ්‍යයනයක් සිදුකරමින් සිටින බව රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ‍සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට දැනුම් දී සිටියේය.

එමෙන්ම ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

සැකකාර මන්ත්‍රීවරයා ශ්‍රි ලංකාවට පැමිණි පසු නීතිපති උපදෙස් මත අධිකරණය නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.
 
Lady Gaga Queen News © 2011 | Designed by Ibu Hamil, in collaboration with Uncharted 3 News, MW3 Clans and Black Ops