නිදහස් අධ්‍යාපනයේ මලගම SB ඇමති සමයයි-වෛද්‍ය සිසුන් කියයි


lankahotnews.org
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ඉදිකිරීම් වහා නතර කරන ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනක් අද කොළඹ දී පැවැත්විණි. දිවයින පුරා විශ්වවිද්‍යාල වෛද්‍ය සිසුහු දහසකට ආසන්න පිරිසක් ඊට එක්වූහ.
ඔවුන් කොළඹ ජාතික රෝහල අසලින් පාගමන ආරම්භ කර කිංසි පාර ඔස්සේ පුංචි බොරැල්ලටත් මරදාන ඩීන්ස් පාර හරහා වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටටත් පැමිණි මහ පාරේ වාඩි වූහ. NO PMC වශයෙන් සදහන් කල විරෝධතා පුවරු රැගත් මෙම උද්ඝෝෂකයින් ‘ නිදහස් අධ්‍යාපනයේ මළගම‘‘ යැයි ලියූ මිනී පෙට්ටියක් ද රැගෙන ආහ.
උසස් පෙළ විභාගය අසමත් වූ කිහිප දෙනෙක් මාළඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටින බව පැවසූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව උසස් පෙල විභාගයෙන් ‘එස්’ සාමාර්ථ තුනක්වත් ලබාගැනීමට නොහැකි වූවන්ටත් වෛද්‍ය උපාධිය ලබාදීම නිසා අනාගතයේදී මෙරට සෞඛ්‍ය සේවය දැඩි පිරිහීමකට ලක්වනු ඇති බව සදහන් කළේය.. මෙම තත්වය මෙරට අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ මුල් පියවරක් විය හැකි බවද ඔවුන් පවසයි.
මේ නිසා පුරහල, බොරැල්ල, මරදාන ඇතුළු ප්‍රධාන මංසන්ධි කිහිපයක දෙපැයකට අධික කාලයක් දැඩි වාහන තදබදයක් පැවැතියේය.







 
Lady Gaga Queen News © 2011 | Designed by Ibu Hamil, in collaboration with Uncharted 3 News, MW3 Clans and Black Ops