වැඩකරන ජනතාව දැවැන්ත අරගලයකට සූදානම්
lankahotnews.org
මෙවර අයවැය රාජ්ය සේවකයින්ට 10%ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට ප්රකාශ කළ නමුත් මේවන විට එය වැටුපට එල්ලන තවත් සොච්චම් දීමනාවක් බව පැහැදිලි වී තිබෙන බවත් ජාතික වෘත්තීය සමිතිය කියා සිටී. එම මධ්යස්ථානය ජනාධිපතිවරයාට ලිපියක් මගින් කියා සිටින්නේ දැනට ගෙවනු ලබන සියළු දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසය.කේ.ඞී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් යුතුව යවා ඇති එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානය ලෙස අප රාජ්ය අංශයට රු. 10000/= ක වැටුප් වැඩිවීමක් හා පෞද්ගලික අංශයට 40% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියේ 2006 වසරේ සිට මේ දක්වා වැටුප් වැඩිකිරීමක් සිදුනොකර සොච්චම් දීමනා කිහිපයක් ලබාදීමට කටයුතු කළ හෙයින් 2006 සිට මේ දක්වා වැඩිවී ඇති ජීවන වියදම පියවා ගැනීම සඳහාය. ඔබතුමා බලය ගැනීමට පෙර මෙන්ම බලයට පත්වූ පසුත් අප මධ්යස්ථානය මගින් අවස්ථා ගණනාවකදීම වැටුප් අරගල දියත් කළ අතර අයවැය කිහිපයක් මගින් ලබාදුන් සොච්චම් දීමනා ලබාදීමට එම අරගල බලපෑමක් කල බවත් අවිවාදිතය. 2006 අයවැයෙන් රාජ්ය සේවයේ අවම වැටුප් රු. 11730/= දක්වා ඉහල දැමීමටත් ඒ සමග රු. 1000/=ක දීමනාවක් ලබාදීමද සිදු කළේ එවකට මතුව තිබූ වැටුප් අරගලයේ ප්රතිඵලයක් ලෙස බැව් අපි ප්රකාශ කරමු. එම අවස්ථාවෙම වැඩිවන ජීවන අංකයට රු. 2.50 ක දීමනාවක් ගෙවීමටද ඔබතුමා එකඟ වූවත් එම පොරොන්දුව ඔබතුමා විසින් කඩකරන ලද බවත් පසුව අපගේ බලකිරීම මත මාස 6 කට වරක් රු. 375/= ක දීමනාවක් ලබාදුන් බවත් එයද වරින්වර නතර කලවිට ඒ වෙනුවෙන් අරගල කිරීමට පවා අපට සිදුවූ බවත් මෙහිදී මතක් කර දිය යුතුය.
ඒ අනුව රු. 375/= ක දීමනා 4 ක් දිනාගැනීමට අප සමත්වූ අතර එමගින් රු. 1500/= ක දීමනාවක් වැටුපට එල්ලන ලදී. පසුව 2008 ජූලි 10 වන දින අප මධ්යස්ථානය මගින් දියත් කළ එක්දින වැඩ වර්ජනයේ බලපෑම මත වැඩවර්ජනයට පෙර රු. 1000/= ක දීමනාවකුත් අපට දිනාගත හැකිවිය. පසුව 2010 අය වැයෙන් රු. 750/= ක දීමනාවක්ද වැටුපට එකතු කරන ලද අතර 2011 අයවැයෙන් රු. 600/= ක දීමනාවක් හා 5% ක තවත් දීමනාවක් ලෙස රු. 586.50 අවම වැටුප් ලබන රජයේ සේවකයින්ට ලබාදෙන ලදී. දැන් මෙවර අයවැයෙන් ලබාදුන් 10% ක දීමනාව ලෙස රු. 1173/= ක් හිමි වන අතර ඒ අනුව මෙතෙක් ලැබූ දීමනා සියල්ල එකතු කළ විට රු. 7609.50 දීමනාවක් වැටුපට එල්ලෙයි.
අප වැඩිවන ජීවන වියදමට සරිලන ලෙස විiාත්මක ලෙස සංඛ්යා ලේඛන ගලපා වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියත් ඔබතුමාගේ ආණ්ඩුවට වසරකට වැඩිකල හැක්කේ මෙවැනි ඉතාම සොච්චම් දීමනාවක් පමණක් බව දැන් ඉතාම පැහැදිලිය. එබැවින් මෙවර අයවැය යෝජනා 3 වැනි වර කියවා සම්මත කර ගැනීමට පෙර අවම වශයෙන් දැනට වසර 6ක් තිස්සේ වැටුපට එල්ලා ඇති රු. 7609.50 ක දීමනාව මූලික වැටුපට එකතු කර රාජ්ය සේවකයින්ගේ අවම වැටුප රු. 11730/= සිට රු. 19339.50 ක් කරන ලෙස අප ඉල්ලා සිටිමු.
එසේම පෞද්ගලික අංශයේ වැටුප් පිළිබඳව අයවැයේ කිසිදු සඳහනක් කර නොමැති අතර සාමූහික ගිවිසුම් වලින් වැටුප් වැඩිවන ආයතන කිහිපයක් හැරෙන්නට සාප්පු හා කාර්යාල ඇතුළු සුළුපරිමාන පෞද්ගලික ආයතනවල සේවය කරන සේවකයින්ට වසර ගණනාවක සිට කිසිදු වැටුප් සහනයක් ලැබී නොමැත. 2005 අයවැයෙන් පමණක් අයවැය සහන දීමනාවක් ලෙස රු. 1000/= ක් පෞද්ගලික අංශයට ලබාදුන් අතර එයද සියලූම පෞද්ගලික ආයතන සේවකයින්ට ලැබුනාදැයි සැක සහිතය. එබැවින් ඉතාමත් ආර්ථික දුෂ්කරතාවන් වලට මුහුණපා සිටින පෞද්ගලික අංශයේ සාතිශය බහුතරයක් කම්කරුවන්ට සහනයක් ලබාදීමට අයවැය වාර්තා සම්මත කර ගැනීමට පෙර ඔබතුමා කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
අවසාන වශයෙන් ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානය ලෙස අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සහනයක් හෝ ලබාදීමට අසමත් වන්නේ නම් නොබෝ දිනකින් වැඩකරන ජනතාවගේ දැවැන්ත අරගලයක් ඇතිවීම වැලැක්විය නොහැකි බවයි.
Popular Posts
-
lankahotnews.org ලංකා විදුලිබල මණ්ඩල සේවක වැටුප් සියයට හතළිස් පහකින් ඉහළ නොදමන්නේ නම් ලබන සතියේ සිට දැඩි වෘත්තීය සමිති ක්රියාමාර්ග ගැනීමට...
-
GaGa arrives an Atom Factory VMA Dinner With Lady Gaga Presented by Ciroc Vodka at The Beverly on August 26, 2011 in Los Angeles, California...
-
wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding...
-
lankahotnews.org ද්රවිඩ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් අද(29) මෙරටට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා හමුවී තිබේ. එම සන්ධාන...
-
lankahotnews.org එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි බණ්ඩාරවෙල ප්රාදේශිය සභාවේ අයවැය පරාජයට පත්ව තිබේ. එහි සභාපති උදය කිත්සිරි පැවසුවේ, අ...
Labels
- 2012 haircut (1)
- 2012 Various Prom Hairstyles for Women (1)
- Americans Women Blonde Hair Styles (1)
- ananda marchildon hairs (1)
- ariana grande hair (1)
- Ariana Grande Hairstyle (1)
- Ariana Grande Style (1)
- Ariana Grande trend hair style (1)
- Beautifully prom hairstyles for medium hair (1)
- Best Fashion Designer Looks (1)
- Best Updos Hair Styles Reviews (1)
- easy prom hairstyles updos (1)
- Elegant Kim Kardashian Layered Wavy Hairstyles (1)
- fashion designs dresses (1)
- fashion designs dresses Gallery (1)
- Getting the right Wedding Hairstyle (1)
- Hairstyles For Prom Gown Collections (1)
- Indian wedding hairstyles (1)
- jessica simpson curly hairstyles (1)
- kate winslet hair (1)
- kim kardashian curly hairstyles (1)
- kim kardashian hairstyle (1)
- lovely hair style (1)
- model hair miss america 2012 (1)
- Modern Prom Updo Hairstyle for Women in The Wedding Party (1)
- New hairstyle 2012 (1)
- popular wedding haircut (1)
- prom hairstyles (1)
- prom hairstyles for curly hair updos (1)
- prom hairstyles updos (1)
- prom hairstyles updos for medium hair (1)
- prom hairstyles updos for medium hair new (1)
- prom hairstyles updos for medium hair's (1)
- prom hairstyles updos for short hair (1)
- Top prom hairstyles updos (1)
- Trend Hair style 2012 (1)
- Trend Hair style 2012 New (1)
- Trend prom hairstyles (1)
- trend prom hairstyles updos for short hair (1)
- vidya balan hairstyle (1)
- wedding hairstyles (2)
- Wedding Hairstyles For Long Curly Hair (1)
- wedding hairstyles for long hair (1)
- Where to Find the Best Prom Hairstyles? (1)
- උණුසුම් පුවත් (25)
- ක්රීඩා (1)
- විදෙස් පුවත් (1)
- ව්යාපාරික පුවත් (1)
Blog Archive
-
▼
2011
(106)
-
▼
November
(23)
- රැකියා ඉල්ලූ තරුණයින්ට ගුටි බැට සමග කදුළු ගෑස්
- ජවිපෙ කට්ටිවාදීන් නිලතල රැකගන්න මාධ්ය සංදර්ශණයක
- ආශ්චර්යමත් පිවිසුමේ චාටර් වුනොත් දඩය රු5000යි
- ටී.එන්.ඒ මන්ත්රීවරුන් හා යසුෂි අකාශි අතර හමුවක්
- ඇමති ජොන්ස්ටන් පොල් කයි
- දුමින්ද පැමිණි වහා අත්අඩංගුවේ-රහස් පොලිසිය
- මහරජ අන නොතකා බණ්ඩාරවෙල අයවැයත් ආණ්ඩුව පරදවයි
- අධිවේගයේ පළමු රිය අනතුරින් පුද්ගලයින් දෙදනෙකුට තු...
- කොටි මහවිරු සැමරුම් අත්හදා බලයි
- දිරිය දරුවෝ දේශපාලනයට යොදාගත් සංවිධායකයින් ගුටි කයි!
- වරායේ වෘත්තීය සමිතිය නැවතත් ජවිපෙට
- දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත්ත කරන්න යසුෂි අකාෂි දි...
- රට පුරා මහ වැසි
- සුමන සමන් දෙවිදුට ආරක්ෂාව දීමට නොහැකිවූ සමනල අඩවිය...
- වැඩකරන ජනතාව දැවැන්ත අරගලයකට සූදානම්
- වැටුප් වැඩි නොකලොත් උද්ඝෝෂණයේ
- කොටස් වෙළදපොළ හදිසියේ අත්හිටුවයි
- " සිහින ඇති සහන නැති "අය වැයක්
- අපිව සතුටු කල අයවැයක් - IMF
- නැවත අය වැය පරාජය කරන මන්ත්රී වරුන්ට විනය ක්රියා...
- නිදහස් අධ්යාපනයේ මලගම SB ඇමති සමයයි-වෛද්ය සිසුන්...
- අයවැයෙන් විශ්වවිද්යාල ආචාර්යවරුන් රවටයි
- පෞද්ගලික විශ්වවිද්යාල පනත පරාජය කරනවා ''නිදහස් අධ...
-
▼
November
(23)
