වැටුප් වැඩි නොකලොත් උද්ඝෝෂණයේ


lankahotnews.org
ලංකා විදුලිබල මණ්‌ඩල සේවක වැටුප් සියයට හතළිස්‌ පහකින් ඉහළ නොදමන්නේ නම් ලබන සතියේ සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති තීරණය ඇති බව අප වෙත වාර්තා වේ. විදුලිබල මණ්‌ඩල සේවකයන්ට වසර තුනකට වරක්‌ වැටුප් වැඩිවන අතර 2009 ජනවාරියට පසුව 2012 ජනවාරි මාසයේ වැටුප් වැඩිවීම ලැබිය යුතුව ඇති බවද ඔවුන් පවසයි.
ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ විදුලිබල මණ්‌ඩල සේවකයන්ට සියයට පහළොවක වැටුප් වැඩිවීමක්‌ පමණ බව පවසන වෘත්තීය සමිති 2012 අය – වැය මගින් රාජ්‍ය සේවකයන්ට සියයට දහයක වැටුප් වැඩිවීමක්‌ ලබා දුන්නත් විදුලිබල මණ්‌ඩල සේවකයන්ට වසර තුනකටම සියයට පහළොවක වැටුප් වැඩිවීමක්‌ ලබාදීම අසාධාරණ බව අවධාරණය කරයි. මේ පිළිබඳ වැටුප් කොමිෂන් සභාව හා වෘත්තීය සමිති එක් ව සාකච්ඡා කළ ද කොමිෂන් සභාව එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ. සියයට හතළිස්‌ පහකින් විදුලිබල මණ්‌ඩල සේවකයන්ට වැටුප් නොගෙවන්නේ නම් ලබන සතියේ අරඹන වෘත්තීය සටන ජනවාරියේ වැඩවර්ජනයක්‌ බවට පත්වීමට ඉඩ ඇති බවද වෘත්තීය සමිති පවසයි.
 
Lady Gaga Queen News © 2011 | Designed by Ibu Hamil, in collaboration with Uncharted 3 News, MW3 Clans and Black Ops