පෞද්ගලික විශ්වවිද්යාල පනත පරාජය කරනවා ''නිදහස් අධ්යාපනය සුරැකීමේ ජාතික ව්යාපාරය''
lankahotnews.org
පෞද්ගලික විශ්වවිද්යාල පිහිටුවීම සම්බන්ධව මේ දක්වා නිශ්චිත ආයතන ව්යූහයක් පිහිටුවා නොතිබූ අතර එම අඩුව සම්පූර්ණ කිරීමට පෞද්ගලික විශ්වවිද්යාල පනත මේ වනවිට කෙටුම්පත් කර ඇති බව ''නිදහස් අධ්යාපනය සුරැකීමේ ජාතික ව්යාපාරය'' අණාවරණය කරයි. (20) පෙරවරුවේ ජාතික පුස්තකාල ශ්රවණාගාරයේ පැවැති මධ්ය සාකච්ඡාවකදී මේබව හෙළිකළේය.
එම ව්යාපාරය නියෝජනය කරමින් ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූයේ, ශ්රි ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ආචාර්ය පූජ්ය දඹර අමිල හිමි, එම විශ්වවිද්යාලයේ ආචාර්ය දේවක පුංචිහේවා, ශ්රි ලංකා විවෘත විශ්වවිද්යාලයේ අචාර්ය රොහාන් ප්රනාන්දු, ලංකා ගුරුසේවා සංගමය නියෝජනය කරමින් ලාල්කුමාර, පෞද්ගලික වෛද්යවිද්යාලවලට එරෙහි සංවිධානයේ වෛද්ය ජයන්ත බණ්ඩාර, සමාජවාදී ශිෂ්ය සංගමයේ ජාතික සංවිධායක වෛද්ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් මෙයට සහභාගී වූහ.
මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ පූජ්ය අමිල හිමියන් ප්රකාශ කළේ, ලංකාව දැනුමේ කේන්ද්රස්ථානය කරන බව කීවද එවැනි කිසිදු ක්රියාමාර්ගයක් ගෙන නැති බවය. 1977 විවෘත ආර්ථීකය හදුන්වාදීමත් සමග කන්නන්ගර මැතිතුමා හදුන්වාදුන් නිදහස් අධ්යාපනය අහෝසි කර අධ්යාපනය වාණිජ භාණ්ඩයක් කිරීමේ ක්රියාවලිය ආරම්භ කළ බව හෙළි කළේය. මේ නිසා අද වනවිට ගුණාත්මක දැනුම හීන වූ පරපුරක් බිහිවී ඇති බව සඳහන් කළේය. ''ඉතිරිවී තිඛෙන නිදහස් අධ්යාපනයත් පෞද්ගලික අංශයට විකුණා දමා මුදල් ඇති අයට පමණක් අධ්යාපන අයිතිය ලබාදීමට යනවා. අධ්යපනයේ සම අයිතිය අහෝසි කර දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.'' යනුවෙන් අවධාරණය කළේය.
අමිල හිමියන්ට අමතරව මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී, විවෘත විශ්වවිද්යාලයේ ආචාර්ය රොහාන් ප්රනාන්දු මහතා කරුණු පැහැදිලි කළේ මෙසේය.
''රාජ්ය විශ්වවිද්යාල සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකීම් දරණ විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසමට සමානව පෞද්ගලික විශ්වවිද්යාල සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත හැකි කොමිසමක් පිහිටුවීම තමයි මේ පනතේ මූලිකම අරමුණ'' යනුවෙන් පැවසීය. වෛද්ය ඉංජිනේරු සහ කළමණාකරණ යන පීඨ 03 පමණක් පෞද්ගලික විශ්වවිද්යාලවල ආරම්භ කිරීමට දැනට කටයුතු කර ඇති අතර එම කොමිසම නියෝජනය කිරීමට අදාල පීඨ තුනේ සාමාජිකයින් තිදෙනෙක් සහ අමතර සාමාජිකයින් දෙදෙනෙක් ඇතුළුව සාමාජිකයින් පස්දෙනෙක්ද උසස් අධ්යාපන අමාත්යාංශයේ ලේකම්, මුදල් අමාත්යාංශ ලේකම්, විශ්වවිද්යාල කොමිසන් සභාවේ සභාපති ඇතුළු 06 දෙනෙකු නිල බලයෙන් පත් කිරීමට සැලසුම් කර ඇති බව පැවසීය. එමෙන්ම පෞද්ගලික විශ්වවිද්යාල ලියාපදිංචි කළ යුත්තේ සමාගම් ලියාපදිංචි කිරීමේ පනත සහ ආයෝජන මණ්ඩල පනත යටතේ බව හෙළි කළේය.
ජනමාධ්යවලට මුලින්ම කරුණු ඉදිරිපත් කරන්නේ නිදහස් අධ්යාපනය සුරැකීමේ ජාතික ව්යාපාරය වන අපේ මේ සංවිධානයෙන්. පෞද්ගලික විශ්වවිද්යාල සම්බන්ධයෙන් දැනට යෝජනා කර තිඛෙන විධිමත් සංවිධාන ව්යූහයක් නැතුවයි මේ දක්වා පෞද්ගලික වෛද්ය විද්යාලය කි්රයාත්මක වූණේ. රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය ක්රිමානුකූලව දියකර හැරීමට කටයුතු කරමින්, පෞද්ගලික විශ්වවිද්යාල ක්රමානුකූලව ගොඩනගන්න ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල අපට දැන් පැහැදිලියි. අධ්යාපනයට රාජ්ය අංශයෙන් වියදම් කළ යුතු ප්රමාණය යුනේස්කෝ සම්මුති වල දැක්වෙනවා. ඒ ප්රමාණය දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%කට සමාන මුදලක් අවම වශයෙන් වාර්ෂික අයවැයෙන් වෙන්කළ යුතු බවයි යුනේස්කෝව කියන්නේ.'' එහෙත් ලංකාවේ එම ප්රතිපාදන වෙන් කිරීම 2004 සිට මේ දක්වා 2% සිට 2.5% අතර පවතින බව ආචාර්යවරයා හෙළි කළේය. එය කියුබාවේ 18.7%ක්, ඇමෙරිකාවේ 5.7%ක්, ජර්මනියේ 4.6%ඉන්දියාවේ 4.1%ක්, නේපාලයේ 3.4%ක්, ඉතියෝපියාවේ 4.6%ක්, සහ කෙන්යාවේ 7% වශයෙන් ලංකාවට වඩා ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දුන්නේය.
මේ ලෙස නිදහස් අධ්යාපනය අහෝසි කර අධ්යාපනයේ සම අයිතිය මතු පරපුරට ලබානොදීමට විරුද්ධව දිවි පරදුවට තබා ක්රියාකරන බව ද පෞද්ගලික විශ්වවිද්යාල සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන එන පනත් කෙටුම්පත ක්රියාත්මක කිරීමට නොදී පරාජය කිරීම සඳහා ජනතාව සංවිධානය කරන බව එම ව්යාපාරය අවධාරණය කළේය.
Popular Posts
-
lankahotnews.org ලංකා විදුලිබල මණ්ඩල සේවක වැටුප් සියයට හතළිස් පහකින් ඉහළ නොදමන්නේ නම් ලබන සතියේ සිට දැඩි වෘත්තීය සමිති ක්රියාමාර්ග ගැනීමට...
-
GaGa arrives an Atom Factory VMA Dinner With Lady Gaga Presented by Ciroc Vodka at The Beverly on August 26, 2011 in Los Angeles, California...
-
wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding hairstyles wedding...
-
lankahotnews.org ද්රවිඩ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් අද(29) මෙරටට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා හමුවී තිබේ. එම සන්ධාන...
-
lankahotnews.org එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි බණ්ඩාරවෙල ප්රාදේශිය සභාවේ අයවැය පරාජයට පත්ව තිබේ. එහි සභාපති උදය කිත්සිරි පැවසුවේ, අ...
Labels
- 2012 haircut (1)
- 2012 Various Prom Hairstyles for Women (1)
- Americans Women Blonde Hair Styles (1)
- ananda marchildon hairs (1)
- ariana grande hair (1)
- Ariana Grande Hairstyle (1)
- Ariana Grande Style (1)
- Ariana Grande trend hair style (1)
- Beautifully prom hairstyles for medium hair (1)
- Best Fashion Designer Looks (1)
- Best Updos Hair Styles Reviews (1)
- easy prom hairstyles updos (1)
- Elegant Kim Kardashian Layered Wavy Hairstyles (1)
- fashion designs dresses (1)
- fashion designs dresses Gallery (1)
- Getting the right Wedding Hairstyle (1)
- Hairstyles For Prom Gown Collections (1)
- Indian wedding hairstyles (1)
- jessica simpson curly hairstyles (1)
- kate winslet hair (1)
- kim kardashian curly hairstyles (1)
- kim kardashian hairstyle (1)
- lovely hair style (1)
- model hair miss america 2012 (1)
- Modern Prom Updo Hairstyle for Women in The Wedding Party (1)
- New hairstyle 2012 (1)
- popular wedding haircut (1)
- prom hairstyles (1)
- prom hairstyles for curly hair updos (1)
- prom hairstyles updos (1)
- prom hairstyles updos for medium hair (1)
- prom hairstyles updos for medium hair new (1)
- prom hairstyles updos for medium hair's (1)
- prom hairstyles updos for short hair (1)
- Top prom hairstyles updos (1)
- Trend Hair style 2012 (1)
- Trend Hair style 2012 New (1)
- Trend prom hairstyles (1)
- trend prom hairstyles updos for short hair (1)
- vidya balan hairstyle (1)
- wedding hairstyles (2)
- Wedding Hairstyles For Long Curly Hair (1)
- wedding hairstyles for long hair (1)
- Where to Find the Best Prom Hairstyles? (1)
- උණුසුම් පුවත් (25)
- ක්රීඩා (1)
- විදෙස් පුවත් (1)
- ව්යාපාරික පුවත් (1)
Blog Archive
-
▼
2011
(106)
-
▼
November
(23)
- රැකියා ඉල්ලූ තරුණයින්ට ගුටි බැට සමග කදුළු ගෑස්
- ජවිපෙ කට්ටිවාදීන් නිලතල රැකගන්න මාධ්ය සංදර්ශණයක
- ආශ්චර්යමත් පිවිසුමේ චාටර් වුනොත් දඩය රු5000යි
- ටී.එන්.ඒ මන්ත්රීවරුන් හා යසුෂි අකාශි අතර හමුවක්
- ඇමති ජොන්ස්ටන් පොල් කයි
- දුමින්ද පැමිණි වහා අත්අඩංගුවේ-රහස් පොලිසිය
- මහරජ අන නොතකා බණ්ඩාරවෙල අයවැයත් ආණ්ඩුව පරදවයි
- අධිවේගයේ පළමු රිය අනතුරින් පුද්ගලයින් දෙදනෙකුට තු...
- කොටි මහවිරු සැමරුම් අත්හදා බලයි
- දිරිය දරුවෝ දේශපාලනයට යොදාගත් සංවිධායකයින් ගුටි කයි!
- වරායේ වෘත්තීය සමිතිය නැවතත් ජවිපෙට
- දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත්ත කරන්න යසුෂි අකාෂි දි...
- රට පුරා මහ වැසි
- සුමන සමන් දෙවිදුට ආරක්ෂාව දීමට නොහැකිවූ සමනල අඩවිය...
- වැඩකරන ජනතාව දැවැන්ත අරගලයකට සූදානම්
- වැටුප් වැඩි නොකලොත් උද්ඝෝෂණයේ
- කොටස් වෙළදපොළ හදිසියේ අත්හිටුවයි
- " සිහින ඇති සහන නැති "අය වැයක්
- අපිව සතුටු කල අයවැයක් - IMF
- නැවත අය වැය පරාජය කරන මන්ත්රී වරුන්ට විනය ක්රියා...
- නිදහස් අධ්යාපනයේ මලගම SB ඇමති සමයයි-වෛද්ය සිසුන්...
- අයවැයෙන් විශ්වවිද්යාල ආචාර්යවරුන් රවටයි
- පෞද්ගලික විශ්වවිද්යාල පනත පරාජය කරනවා ''නිදහස් අධ...
-
▼
November
(23)
